ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු ඔබට අවශ්‍යද? ගර්භණී සමයේදී අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව දැනුවත් වන්න.
උපත් පාලන ක්‍රම මඟින් ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සහ ගැබ් ගැනීමට අවශ්‍ය කාලය සැලසුම් කිරීමට ඔබට ඉඩ සලසයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යනු මූලිකවම ලිංගික සම්බන්ධතා මගින්, එනම් යෝනි මාර්ගික, ගුද මාර්ගිය ආශ්‍රිතව නැතහොත් මුඛ ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුගෙන් තවත් පුද්ගකලයෙක්ට ආසාදන විය හැකි රෝග වේ. ඔබගේ ලිංගික සෞඛ්‍ය පිලිබඳව ඇතුළු වෙනත් ලිංගික රෝග ලක්ෂණ ඇති රෝග පිලිබඳවද දැනුවත් වෙමු.
Menstruation/Period questions are so normal – you re not alone! Here are answers to some of the most frequently asked questions.
Maternal and Postpartum Care focuses on supporting women throughout pregnancy and in their recovery after childbirth, addressing physical, emotional, and mental well-being.
1953 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරව සහ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන සංවිධානයකි. වසර 70කට අධික ක්‍රියාකාරී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති පුළුල් සංවිධානයක් බවට පරිවර්ථනය වී ඇත.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පුළුල් අත්දැකීම් සහිත මහජනතාවගේ සෞඛ්‍ය , ආරක්ෂාව සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන්වලින් සමන්විත වේ. අපගේ සංගමය පවුල් සැලසුම් සහ උපත් පාලන ක්‍රම, සුවනාරි සත්කාර, ප්‍රසව හා නාරිවේද සත්කාර, ලිංගිකව සම්ණය වන රෝග සහ HIV, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ උපදේශන මැදිහත්වීම් ඇතුළුව ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් පවීණත්වය දරන අතර ඒ සඳහා මැදිහත්වීම් සිදු කරයි.
අපගේ කණ්ඩායම වෘත්තීය සහ තාක්ෂණික දැනුමෙන් පරිපුර්ණ අතර විවිධ ප්‍රජා කණ්ඩායම්වල අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සවිස්තරාත්මක සේවාවන් සැපයීම සඳහා තාක්ෂණික දැනුම සහ ජාලගත සම්බන්ධතාවලින් සමන්විත වේ.
Happy life සියලු ප්‍රජාවන් සහ ජනවාර්ගික පුද්ගලයන්ට සන්නිවේදනය සැපපහසු සහ පහසුවෙන් තේරුම් ගත හැකි ඇතුළත්, විනිශ්චයෙන් තොර අවකාශයක් සොයා ගැනීම සහතික කරයි.
නිසි පවුල් සැලසුම්කරණයෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලකාගනීම තුලින් ගැබ්ගැනීම් අතර මනා පරතරයක් රඳවාගැනීමට කාන්තාවන් ට හැකියාවක් ලැබේ. ඔබ සඳහා සුදුසුම හා නිර්දේශිත නිෂ්පාදනය කුමක්ද යන්නත් භාවිතා කරන ආකාරයත් බලන්න
ප්‍රධාන කාර්යාලය සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය
සඳුදා - සිකුරාදා පෙ.ව 8.30 - ප.ව 4.30
ප්‍රසිද්ධ සහ රජයේ නිවාඩු දිනයන්හි දී වසා ඇත
Services Offered
ජයසිලි
Participant
FPA Sri Lanka
මම ජයසිලි ගම හාවාඑළිය නුවරඑළිය ලිපිනයේ පදිංචිව සිටිමි. මගේ පළමුවන ළමයා ඉපදූනාට පසු, තවත් ළමයෙක් හදාගැනීමට අපට කාලය අවශ්‍ය උනා. ඒ පදනම මත, අසල්වැසියන්ගෙන් වගේම යහළුවන්ගෙනුත් පවුල් සැලසුම් ක්‍රමය සම්බන්දයෙන් උපදෙස් ලැබුනා. නමුත් නිසි මාර්ගයක් තෝරාගැනීම සම්බන්ධව අපැහැදිලිතාවයක් ඇති උනා. ඒ නිසා, අපි නුවරඑළිය FPA සුවසේවා ආයතනයට පවුල් සැලසුම් ක්‍රම සම්බන්දයෙන් උපදෙස් ලබාගැනීමට පැමිණියා. මටයි මගේ සහකාරයාටයි දුන්න උපදෙස් අනුව, ළමයි අතර තිබිය යුතු පරතරය ගැනත් රැකියාව, වයසත්, ගැන හිතල අපේ පවුල් සැලසුම ගැත හිතලත්, මම ඩිපෝ විදගන්න තීරණය කලා. දැනට මම අවුරුදු 3ක් ඩිපෝ විදාගන්නවා.අපේ පවුල නිසිලෙස සැලසුම් කර ගැනීමට මග පෙන්වූ නුවරඑළිය FPA සුවසේවා ආයතනයට ස්තුතීයි.
යූ. කේ. තුෂාරි සඳමාලි
Participant
FPA Sri Lanka
මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. තුන්වෙනි දරුවාගේ වයස අවුරුදු එකහමාරක්. මට දැන් වයස අවුරුදු 29ක්. මට පළමු බබා ලැබුනේ වයස 20 දි. ඊට පස්සේ ඉඳන්ම අද දක්වාම පවුල් සැලසුමි ක්‍රමයක් ලෙස දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට භාවිතා කරේ ඩිපෝ ප්‍රොවේරා එන්නත. අපහසුතාවයක් නම් මට තවම දැනිලා නැහැ. මගේ මහත්තයා පෙදරේරුවෙක්. (මේසන් බාස්) එයාගේ ආදායමෙන් තමයි පවුල රැකෙන්නේ. ඉතින් දරුවන් ළඟ ළඟ ලැබුන නම් අපි අසරණ වෙනවා. එත් පවුල් සැලසුමි ක්‍රමයක් භාවිතා කරපු නිසා දරුවෝ අතර පරතරය තියාගන්න පුළුවන් උනා.
Dhinoma Krishmali
Participant
FPA Sri Lanka
මම දිනෝමා ක්‍රිෂ්මාලි. වයස අවුරුදු 35 යි. මට මාතර FPA සුවසේවා මද්‍යස්ථානය ගැන දැනගන්න ලැබුනේ අසල්වැසියෙක්ගෙන්. මම දෙදරු මවක් වන අතර මගේ සැමියා කම්කරුවෙක්. එමනිසා අපිට මුල්‍යමය අපහසුතා තිබෙනවා. මම පවුල් සැලසුම් එන්නත විදගන්න ගියාම මට නොමිලේම පියයුරු සහ ගැබ් ගෙල පිළිකා, රුධිර පීඩනය ආදිය පරික්ෂා කරගන්න හැකිඋනා. එම සායනයෙන් ඉක්මන් සහ නිවැරදි පරීක්ෂාවන් කරගැනීමට හැකිවීම සම්බන්දයෙන් මම ස්තුතිවන්ත වෙනවා.
Suhanthini
Participant
FPA Sri Lanka
මගේ නම සුහන්තිනි. මගේ වයස අවුරුදු 33 යි. මට අවුරුදු 4 ක දියණියක් සහ අවුරුදු 1 1/2 ක පුතෙක් ඉන්නවා. මගේ සැමියාගේ දිනක ආදායම රු. 450.00 යි. මෙම ආදායම අපේ පවුල සඳහා ප්‍රමාණවත් නැහැ. මම එන්නත අවුරුදු 2ක් තිස්සේ භාවිතා කරනවා. මේ නිසා මගේ සෞඛ්‍ය, මගේ ආදායම, මගේ පවුල් ජීවිතය සුරක්ෂිතයි. මඩකලපුව පවුල් සැලසුම් ආයතනයේ සුවසේවා කාර්යාලයට ස්තුතී පුද කරන්න කැමතියි.