ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු සහ සේවා සඳහා ඌන සේවාලාභී, දිළිඳු සහ තරුණ ජන කොටස් අතර ඇති අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය ප්රයත්න දරන අතර වයස, ස්ත්රීපුරුෂභාවය, විවාහක තත්වය, ගෙවීමට ඇති හැකියාව, වාර්ගික සම්භවය, ආගමික ඇදහිලි, ආබාධිතබව, ලිංගික නැඹුරුව, සෞඛ්‍ය තත්වය හෝ යම් තැනැත්තකු වෙනස් කොට සැලකීමට භාජනය විය හැකි වෙනත් කවර හෝ සාධක නොතකා සෘජු සේවා සැපයීම හෝ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු, අධ්‍යාපනය, සේවා සහ පුහුණු සෘජුව සැපයීම මගින් හෝ වෙත යොමු කිරීම මගින් ඒවා වෙත ප්‍රවේශය සපයයි.
සැලසුම් නොකළ/ අනවශ්‍ය ගැබ්ගැනීම් පිළිබඳ අවදානම අඩුකිරීම පිණිස සුදුසු උපත් පාලන ක්‍රමවේද පිළිබඳ අවබෝධය ඉහළ නංවනු පිණිස විවාහක අවිවාහක තත්වය නොතකා සියලු දෙනා සඳහා උපත් පාලන උපදේශන හා සේවා.
සායනයෙන් ලබාගත හැකි පවුල් සැලසුම් ක්‍රමවේද
තාවකාලික
හෝමෝනික
හෝමෝනික නොවන
සාඵල්‍ය දින පිළිබඳ දැනුවත්බව ඇති කිරීම, ස්‍යුනික පවත සෙවීම, ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජනය, ශුක්‍ර තරල විශ්ලේෂණය, නාලිකා ව්යාත්ත පරීක්ෂණ, අන්තර් ගර්භාෂ සිංචනය මගින් අතුරු සාඵල්යතාවෙන් පීඩා විදින අඹු සැමියන්ට අප සේවා සපයනු ලැබේ.
ඔස්ප්වීම පිළිබඳ ගැටළු, යෝනි ශ්‍රාව්‍ය, ආර්ථවාභාවය, මූත්‍රා කිරීමේදී ඇතිවන ගැටළු, උදරීය වේදනාව පිළිබඳ අප සේවාලාභීන්ට උපදෙස් ලබා දෙන්නෙමු.
ලිංගික බෙලහීනතාවය, අකාල විමෝචනය, ලුබ්ධතාව අඩුවීම (අඩු ලිංගික ආශාව) , යෝනි ආකර්ෂය (ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව) ආදී ලිංගිකත්වය ආශ්රිත ප්‍රශ්න සහ වෙනත් බොහෝ ගැටළුවලින් නිහඩව පීඩා විඳින අය සඳහා සායනය සේවා සපයනු ලැබේ.
ඔබට සායනයේ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීමට හෝ කලින් කාලය වෙනකරවා ගෙන සිකරාදා දිනයන්හි ලිංගික සෞඛ්‍ය විශේෂඥයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට හැකිය.
වෘෂණ කෝෂ, උදරීය, පාර-යෝනි, පියයුරු, සාඵල්‍යතා සහ භ්රෑණ පරීක්ෂා සඳහා බ්‍රහස්පතින්දා දිනයන්හි කලින් කාලය වෙනකරවා ගෙන විශේෂඥ විකිරණවේදියකුගේ සේවය ලබාගත හැක.
පියයුරු පරීක්ෂාව - අන්තරාය සාධක පිළිබඳ උපදේශන සහ ඒවා වළක්වා ගන්නේ කෙසේද, කාන්තා වෛද්‍යවරියන් විසින් අතින් කරනු ලබන පරීක්ෂා සහ ස්වයං පියයුරු පරීක්ෂාව උගන්වනු ලබන අතර ඒවා දිරිමත් කෙරේ. යම් ව්‍යාධිවේදයක් බැහැර කිරීම පිණිස අවශ්‍යනම් ස්කෑන් පරීක්ෂාව සහ මැමෝග්රෑම් පරීක්ෂාව සඳහා යොමු කරනු ලැබේ.
ගැබ් ගෙළ පරීක්ෂාව - ලිංගිකව සක්රීයනම් හා අවුරුදු 21ට වැඩිනම් පැප් ස්මියර් පරීක්ෂාව සිදුකරනු ලැබේ. විනාඩි කිහිපයක් තුළ සිදු කළ හැකි සරල පරීක්ෂණයක් වන මෙය ගැබ් ගෙල සෛලවල වෙනස්කම් සොයා ගත හැකි වඩාත්ම සඵල ක්‍රමයයි.
පුරස්ථ පරීක්ෂාව- රෝග ලක්ෂණ හා නිමිති පිළිබඳව විස්තරාත්මක ප්‍රශ්න කිරීමග අවශ්‍ය නම් ගුද මාර්ගීය පරීක්ෂා සහ පුරස්ථ නිශ්චිත ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සිදුකරනු ලැබේ.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳෙන්නේ හා නොවැළඳෙන්නේ කෙසේද, එම රෝගවලින් ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග /එච්.අයි.වී පරීක්ෂණ- උපදංශය - සමාජ රෝග පර්යේෂණ විද්‍යාගාර පරීක්ෂණ, හර්පිස් -හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරසය, එච්.අයි.වී. හෙපටයිටිස් බී සඳහා සියලු සුලමුල පරීක්ෂණ සායනයේදී සිදුකරනු ලැබේ. .
ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ, පිරිමින්ගේ හා ළමුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොවයා බැලීමට වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් පුහුණු කර තිබේ. සුලමුල පරීක්ෂාව, උපදේශනය, නීති උපදෙස් සඳහා යොමුකිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම අපි සිදුකරන්නෙමු.
We provide education, support, and sexual and reproductive health services for lesbian, gay, bisexual, transgender, queer, questioning, and intersex patients. ( description may change)