මූලික සේවාවන් | The Family Planning Association of Sri Lanka

මූලික සේවාවන්

සෞඛ්‍ය සේවාවන් ලබාදීම සහ පරික්ෂා කිරීම

අපි, පිළිකා තත්වයන් පරික්ෂා කිරීම, නාරිවේද ගැටළු  ආදී තත්වයන් සඳහා රෝග පරික්ෂාව සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම ඇතුළු කාන්තා සෞඛ්‍ය සම්බන්ධව පුළුල් සේවා සපයන ආයතනයක් වෙමු. අප විසින් ලබාදෙන සේවාවන් හරහා එච්.අයි.වී. (STI/HIV) ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ රෝග පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම, ලිංගික දුබලතා සඳහා ප්‍රතිකාර කිරීම, වෘෂණ කෝෂ, උදර, යෝනිමාර්ගය, පියයුරු, සරුභාවය, කළල පරික්ෂාව වැනි ස්කෑන් පරික්ෂාවන් ආවරණය කෙරේ. තවද, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා තත්වයන් පරික්ෂා කිරීම වැනි සේවාවන් හරහා අපගේ සේවාලාභින්ට ගැලපෙන සහ පරිපූර්ණ රැකවරණයක් අපි සහතික කරමු.

ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ උපදේශන මැදිහත්වීම් ලබාදීම

ස්ත්‍රී පුරුෂභාවය, ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ  ඔසප් සෞඛ්‍යය පිළිබඳව අවදානය යොමු කරමින් ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) කැපවී සිටියි. ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව පවතින යම් යම් නිශේධනාත්මක මතයන් සහ වෙනස්කොට සැලකීම් අවම කර ලිංගික සුළුතර කණ්ඩායම් ඇතුළු සියලුම ප්‍රජාවන් සඳහා සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සම්බන්ධවී  ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමටත් අප කටයුතු කරමින් සිටියි. මීට අමතරව, විශේෂයෙන්ම සමරිසි ප්‍රජාවගේ (LGBTIQ)  අයිතිවාසිකම් පිළිබඳව තහවුරු කරමින්  සාධාරණ ප්‍රතිපත්ති, සහ ඔවුන්ව වෙනස් ලෙස නොසලකා  අන්තර්කරණය කරගත් භාවිතයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකාවේ ගෝලීය කලානුරූපී සමාලෝචන  (Universal Periodic Review (UPR) ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිමු.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ඔසප් සමානාත්මතාව

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව  මුල්බැසගෙන තිබෙන සමාජ අදහස්, ආකල්ප සහ විශ්වාසයන් අභියෝගයට ලක් කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට එරෙහිව සටන් කිරීමට අපි උත්සාහ කරමු. එසේම, වෙනත් සිවිල් සමාජ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරමින් "ඔසප් දරිද්‍රතාවය" සහ වෙනස් කොට සැලකීම ආදී තත්වයන් ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයකැපවී සිටියි. අපගේ ප්‍රයත්නයන් තුළින් සෑම පුද්ගලයෙක් සඳහාම සඳහා වඩාත් සාධාරණ සහ යුක්තිසහගත සමාජයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

උපත්පාලන නිෂ්පාදන ලබාගැනීම සහ බෙදාහැරීම

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) විසින් සිය සේවා බෙදාහැරීමේ මධ්‍යස්ථාන, ෆාමසි, වෛද්‍ය සායන, රෝහල් සහ දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලය හරහා තත්වයෙන් උසස් නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව සහතික කරයි.

ප්‍රජා සහභාගීත්වය සහ සම්මතයන් වෙනස් කිරීම

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය වටා ඇති සාම්ප්‍රදායික සම්මතයන් සහ ආකල්පවලට අභියෝග කිරීමට ප්‍රජා නායකයින්, සංවිධාන සහ තරුණයින් සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කිරීමට (F ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයPA) කටයුතු කරන අතර අනාරක්ෂිත ගබ්සා පිළිවෙත් මුලිනුපුටා දැමීම, ගබ්සා කිරීමේ නීති ලිහිල් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සමරිසි ප්‍රජාව (LGBTIQ) අපකීර්තියට පත් කිරීම, වෙනස්කොට  සැලකීමට එරෙහිව සටන් කිරීම අපගේ අවධානයට ලක්වන ක්ෂේත්‍රවලට ඇතුළත් වේ.

ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග/ එච්.අයි.වී. (HIV) වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගීත්වයෙන් හඳුනාගත් පුද්ගලයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සහතික කිරීමට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) ක්‍රියා කරයි. එසේම, ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ එච්.අයි.වී. (HIV) අසාදන හඳුනාගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සහ ප්‍රතිකාර ඇතුළත් ක්‍රමවේදයන් අප හරහා ආවරණය වේ.

මානුෂිය සහය ලබාදීම

අර්බුදකාරී සහ පශ්චාත් අර්බුදකාරී කාලවකවානුවලදී  ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA)  සිය සහය ලබාදෙයි. අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම සහතික කිරීම වෙනුවෙන්  මානුෂිය සේවාවන්ගේ නියැලී සිටින සේවකයන්ට මානුෂිය සේවාවන් හා සහය ලබාදීම සම්බන්ධව පුහුණු ලබාදීම කෙරෙහි අවධානය යොමුකිරිම සිදු කෙරේ.

අධ්‍යාපනය සහ දැනුවත් කිරීමේ වැඩසටහන්

පුළුල්  ලිංගික අධ්‍යාපනය සහ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය  (FPA) රජය සහ වෙනත් පාර්ශවකරුවන් සමග සමීපව  සහයෝගයෙන් කටයුතු කරයි.

උපදේශන සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය මැදිහත්වීම්

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) ස්ථානීය සහ මාර්ගගත වශයෙන් උපදේශන සේවා සහ මනෝ සමාජීය සහය සේවා රැසක් පිරිනමනු ලැබේ. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ අවශ්‍ය රැකවරණය සහ තොරතුරු  පුද්ගලයන් සඳහා මාර්ගගත සබැඳි හරහා අදාළ තොරතුරු වෙත ප්‍රවේශය ලබාදී ඇත. මිට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට බඳුන්වී ඇති පුද්ගලයන් සඳහා පරීක්‍ෂණ, උපදේශන සහ අදාළ පාර්ශවයන් වෙත යොමු කිරීම් සපයන අතර නීතිමය සහ වෛද්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහයද අප විසින් ලබාදෙයි. තවද, පවුල් සැලසුම්කරණය, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සේවාවන් සඳහා සවිස්තරාත්මක උපදෙස් අපගේ මධ්‍යස්ථානය විසින් සපයනු ලබයි.

IPPF සඳහා දැනුම් කේන්ද්‍රය

ආදායම් උත්පාදනය, අරමුදල් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සහ ආයතනික සහ මූල්‍ය තිරසාරත්වය ළඟාකරගැනීම සඳහාත් , සමාජ ව්‍යවසාය ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීමට සාමාජික සංගම්වලට සහාය වීමටත්   IPPF සංවිධානය කැපවී සිටී.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) සමාජ ව්‍යවසාය මධ්‍යස්ථානයක් (Social Enterprise Hub) වශයෙන් ක්‍රියාත්මක වන අතර සමාජ ව්‍යවසාය වේගවත් කිරීමේ වැඩසටහන (SEAP) භාරවද  කටයුතු කරයි. මෙහි අරමුණ වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සමාජ ව්‍යවසාය යහ පුරුදු වැඩිදියුණු  කිරීමටත්  සමාජ වටිනාකමක් ලබා දෙමින් සහ ජීවිත වැඩිදියුණු කිරීමටත්  සාමාජික සංගම්වල ධාරිතාවන්  ශක්තිමත් කිරීමත් ය. SEAP වැඩසටහන විසින් IPPF සාමාජික සංගම්වල සාමාජිකයන්ට ව්‍යවසායන් පිහිටුවීම සහ ඒවායේ වර්ධනය සඳහා සහය ලබාදී ඇත.
 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By