About FPA Sri Lanka | The Family Planning Association of Sri Lanka

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) හැඳින්වීම

1953 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරව සහ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන සංවිධානයකි. වසර 70කට අධික ක්‍රියාකාරී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති පුළුල් සංවිධානයක් බවට පරිණාමය වී ඇත.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පුළුල් අත්දැකීම් සහිත මහජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන්වලින් සමන්විත වේ. අපගේ සංගමය පවුල් සැලසුම් සහ උපත් පාලන ක්‍රම, සුවනාරි සත්කාර, ප්‍රසව හා නාරිවේද සත්කාර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ HIV, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ උපදේශන මැදිහත්වීම් ඇතුළුව ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් ප්‍රවීණත්වය දරන අතර ඒ සඳහා මැදිහත්වීම් සිදු කරයි.

අපගේ කණ්ඩායම වෘත්තීය සහ තාක්ෂණික දැනුමෙන් පරිපුර්ණ අතර විවිධ ප්‍රජා කණ්ඩායම්වල අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සවිස්තරාත්මක සේවාවන් සැපයීම සඳහා තාක්ෂණික දැනුම සහ ජාලගත සම්බන්ධතාවලින් සමන්විත වේ.

  • ප්‍රමාණවත් තොරතුරු සහ සේවාවන් සැපයීමට
  • පුහුණු කිරීම සහ මැදිහත්වීම.
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති පිළිගැනීම, සේවා පහසුවෙන් ලබාගත හැකිවීම සහ එහි ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම.
  • මානව අයිතිවාසිකම් පදනම් කරගත් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රවේශයන් ඒකාබද්ධ කිරීම.

මෙම ප්‍රධාන කාරණා ඔස්සේ අපි ජනතාවගේ ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන්නෙමු. සංවිධානයක් ලෙස අපි ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ (ICPD) ප්‍රඥප්තීන් අනුගමනය කරන අතර දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් ලෙස සියලු දෙනටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව අවධාරණය කරමු.

වඩාත් පුළුල් ලෙස ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් ජනතවට ලබාගැනීමට ඇති අවස්ථා ප්‍රවර්ධනය සඳහා අපි පහත සඳහන් කාර්යයන් සිදු කරන්නෙමු

  • පවුල් සැලසුම් සහා පවුල් සැලසුම් උපකරණ ලබාදීම.
  • ආරක්ෂිත මාතෘභාවය (අනපේක්ෂිත ගබ්ගැනීම් වළක්වා ගනීම ඇතුළුව).
  • ලිංගික සම්ප්‍රේෂණය වන ආසදන (HIV සහා ඒඩ්ස් තත්වයන් ඇතුළුව).
  • තරුණයින් සහා නවයෞවනයින් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ උපදේශන ලබාදීම
  • මදසරුභාවය සඳහා ප්‍රතිකාර සහ උපදේශන
  • අතුරු සාඵල්‍යතා සේවා සහ උපදේශක සේවා

දැක්ම

අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සැමට ලබා දීම.

මෙහෙවර

ස්වෙච්ඡාභාවය හා තිරසාරබව තවදුරටත් පවත්වා ගනිමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ හඩක් නැගීමෙන් ද ඒ හා සම්බන්ධ සේවා සැපයීමෙන්ද පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවන් වඩාත් යහපත් කිරීම.

Core Values

  • ගුණාත්මක බව - පගේ නිෂ්පාදන, සේවාවන් සහ වැඩසටහන්, ස්ත්‍රී, පුරුෂ සමාජ භාවය පිළිබඳ සංවේදීභාවයෙන් යුතුව, සැමට ලබාගත හැකි සහ උසස් ගුණාත්මක බවකින් යුක්තයි.
  • තෝරාගැනීම - සෑම පුද්ගලයෙකුටම තමන්ගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ නිදහස හා අයිතිය ඇතිබව අපගේ විශ්වසය වන අතර අපි එයට ගරු කරන්නෙමු.
  • යහ පාලනය - සහභාගිත්වයෙන්, පොදු එකගතාවෙන්, වගකීමෙන් සහ විනිවිදභාවයෙන් යුතු තීරණ ගැනීම අපි අගය කරන්නෙමු. මෙම ක්‍රියාවලිය වගකිවයුතු, ඵලදායි, කාර්යක්ෂම, සමානත්වයෙන් යුත් සහ සියලු දෙනා අන්තර්ග්‍රහනය කරගත් ක්‍රියාවලියකි. අපගේ ඉලක්කයන් සහ අරමුණු දිනාගැනීමේදී විශිෂ්ට ස්වෙච්චා සේවය කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු.
  • තිරසාරභාවය - අපි වැඩසටහන් ඵලදායිත්වය, මූලය සුරක්ෂිතභාවය, සංවිධානයේ ශක්‍යතාව තහවුරු කරන්නෙමු.
  • විවිධත්වය සහ සමානත්වය - අපගේ සේවාවන් අවශ්‍ය පුද්ගලයින් වෙත ඒවා ලබාදීමේදී ඔවුන්ගේ ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, ලිංගික දිශාන්නතිය පිළිබඳ තැකීමක් නොකර විවිධත්වය සහ සමානත්වය සුරැකෙන ආකාරයට කටයුතු කරන්නෙමු. ජනතාවගේ සමාජ සංස්කෘතික සාරධර්ම සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට ගරුකරන්නෙමු.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By