Maternal and postpartum care | The Family Planning Association of Sri Lanka

මාතෘ සහ පසු ප්‍රසව රැකවරණය

ගර්භණීභාවය, මව්කිරි දීම සහ හදිසි උපත් පාලනය පිළිබඳව නිරන්තරයෙන් අසන ප්‍රශ්න
 

මව්කිරි දෙන අතරතුර ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?
 

ඔව්, මව්කිරි දෙන අතරතුර ගැබ් ගැනීමේ හැකියාව ඇත. මෙහිදී ඔබ නිතිපතා මව්කිරි නොදෙන මවක් නම් හෝ ඔබගේ දරුවා වයසින් වැඩී ඇත්නම් හෝ මව් කිරි ලබාදීම් අතර දිගු කාල පරතරයක් තිබේ නම් ගැබ් ගැනීමක් අපේක්ෂා කළ හැකිය. මව් කිරි ලබාදීමේදී ඔබගේ ඔසප් චක්‍රයේ ප්‍රමාදවීමක් සිදුවිය හැකි නමුත් එය එය උපත් පාලන ක්‍රමයක් නොවේ.
 

හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කිරීමෙන් පසුව ඔබට මව්කිරි ලබාදිය හැකිද?
 

ඔව්, හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කිරීමෙන් පසුව ඔබට මව්කිරි ලබාදීමේ හැකියාව පවතියි. මෙහිදී ලෙවොනෝර්ජස්ට්රල් (levonorgestrel - උපත් පාලනය සඳහා භාවිතා කරන හෝමෝන වර්ගයකි) මව්කිරි වලට ඉතා සුළු ප්‍රමාණයක් එකතුවන නමුත් එය දරුවට හානි නොකරයි. කෙසේ නමුත් ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නේ නම් උපත් පාලන පෙති ලබාගැනීමෙන් පළමු පැය 24 ඇතුළත කිරි දොවා ඉවත දැමිය හැකිය. නමුත් සාමාන්‍යයෙන් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මෙය අත්‍යාවශ්‍ය නොවේ.
 

හදිසි උපත් පාලන ක්‍රම මව්කිරි දීමේ ක්‍රියාවලියට බලපෑම් කළ හැකිද?
 

හදිසි උපත් පාලන ක්‍රම ඔබේ මව්කිරි දීමේ ක්‍රියාවලියට එතරම් බලපෑමක් නොකරයි. කෙසේ නමුත් මේ නිසා ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ කිරි සැපයුම සඳහා තාවකාලික බාධාවන් හෝ කිරි සංයුතියේ සුළු වෙනස්කම් ඇති විය හැකිය. ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නේ නම් ඔබගේ සෞඛ්‍ය සේවා සපයන්නා සමග සාකච්ඡා කළ හැකිය.
 

දරු ප්‍රසුතියකින් පසුව උපත් පාලනය ආරම්භ කළ හැක්කේ කවදාද?
 

ඔබ සුදානම් නම් මව්කිරි දෙන අතරතුර පවා උපත් පාලන ක්‍රම භාවිතා කිරීම ආරම්භ කළ හැකිය. ඔබගේ සෞඛ්‍ය තත්වය සහ ඔබ මව්කිරි දෙනවාද ? නැත්ද ? යන්න මත පදනම්ව ඔබට ගැලපෙන වඩාත් සුදුසු උපත් පාලන ක්‍රමය තීරණය කිරීම සඳහා ඔබගේ සෞඛ්‍ය සේවා සපයන්නා සමඟ සුදුසු ක්‍රම සාකච්ඡා කිරීම වැදගත් වේ.
 

මව්කිරි දීමේදී භාවිතා කළ හැකි ආරක්ෂිත උපත් පාලන ක්‍රම තිබේද?
 

ඔව්, IUD (ගර්භාෂයේ තැන්පත් කරන උපකරණයකි), මිතුරි, උපත් පාලනය සඳහා භාවිතා කරන ගිලින පෙති, තැන්පත් කිරීම් සහ Depo-Provera (ඩෙපෝප්‍රොවේරා) එන්නත් ඇතුළු බොහෝ ක්‍රම මව්කිරි දීමේදී ආරක්ෂිත වේ. ඊස්ට්‍රජන් අඩංගු හෝමෝන පෙති භාවිතය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පළමු සති කිහිපය තුළ නිර්දේශ නොකරන අතර එය මව්කිරි සැපයුමට සෘජුව බලපායි.
 

දරු උපතකින් පසු උපත් පාලනය කිරීම (පශ්චාත් ප්‍රසව උපත් පාලනය)
දරු උපතකින් පසුව උපත් පාලනය යන්න ඔබගේ මනසෙහි හටගන්නා අවසානතම කරුණ විය හැකිය.…
මාතෘ සෞඛ්‍යය
සාපේක්ෂ වශයෙන් පහසු දරු උපතකින් පසුව පවා, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් තිබිය හැකි ය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By