වසර 50 කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත් පවුල් සැලසුම් ක්රමයකි. නිවැරදි ලෙස භාවිතයෙන් 99.9% ක සාර්ථකත්වයක් ලබා ගත හැකිය. පෙති භාවිතය නතර කළ පසු ප්‍රමාදයකින් තොරව නැවත සරුභාවයට (ගැබ් ගැනීමේ හැකියාව) පත්විය හැකිය.
හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකිය. හදිසි අවස්ථාවක් ලෙස මෙහිදී හඳුන්වන්නේ භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක යැයි සැකයක් ඇතිවූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහතක ආදී අවස්ථාවක) ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක්වූ විට වැනි අවස්ථාවන්ය. ලිංගික සංසර්ගයෙන් පැය 72 ඇතුළත මෙහි පළමු පෙත්ත ලබා ගත යුතු අතර ඉන් පැය 12 කට පසු එහි දෙවන පෙත්ත ලබා ගත යුතුය. ලිංගික සංසර්ගයෙන් පසු වැඩි කාලයක් ගතවීමට පෙර මෙම පෙති ගැනීම වැඩි සාර්ථකත්වයකට හේතුවේ. මෙම පෙති ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.
හදිසි අවථාවක (පොස්ටිනෝ - 2 හි සඳහන් පරිදි) අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකි තනි පෙත්තකි. ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත මෙය ලබාගත යුතුය. මෙම පෙත්ත ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.
ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති කොන්ඩමයකි. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ඇතැම් රෝගවලින් ආරක්ෂාවීමටත් භාවිත කළ හැකිය.
ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි. සිය ගණනක් වූ ගැටිති මෙහි පෘෂ්ඨයට රළු බවක් එක්කර ඇත. මෙමඟින් වැඩි උත්තේජනයක් සිදුවන බැවින් වැඩි ආස්වාදයක් දෙදෙනාටම ලබා ගත හැකිය.
බෙන්සොකේන් සහිත කොන්ඩමයක් වන බැවින් උච්චතම අවස්ථාවට පැමිණීම (සුරතාන්තයට) පමාකරයි. ඉක්මනින් ශුක්‍ර පිටවීමේ තත්ත්වය ද මග හරවයි. මේ නිසා වැඩිම කාලයක් වැඩිම වින්දනයක් ස්ටැමිනා මඟින් ලබා ගත හැකිය.
Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4.5% benzocaine lubricated male dotted condom with reservoir end that helps delay the climax and prolong sexual excitement for longer-lasting lovemaking. Benzocaine also helps prevent premature ejaculation and provides greater staying power.
ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍රියජනක නැවුම් අත්දැකීමකට මග පාදයි.
This is the latest in condom technology for a truly intimate sexual experience. Our SKYNFEEL material is soft and comfortable, for the most natural fit and feel. This is the closest thing to wearing nothing
ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි ආස්වාදයක් දැනෙන හොඳ ස්පර්ශවීමක් සිදුවන ලෙසයි. ස්වාභාවික වින්දනයක් දැනෙන ලෙස ලිහිසිකාරක සහිතය. වැඩි සංවේදීබවක් මෙන්ම ඉතා හොඳ ශක්තිමත් බවකින් යුක්තය.
මාස 3 කට වරක් ලබාගත යුතු කාන්තාවන් සඳහා වූ සැලසුම් එන්නතකි. ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන මෙය බෙල්ජියමේ නිෂ්පාදිතයකි. එන්නත නතර කිරීමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වෙනස් වේ. සාමාන්‍යයෙන් මාස 7 - 12 ක පමණ කාලයක් ඒ සඳහා ගතවිය හැකිය.
Depo-Provera Injection - First visit - Rs. 1000.00
Depo-Provera Revisit - Rs. 750.00
To make an appointment, please call: 077 955 2979
මෙය කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කරල් 2 මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබාදේ. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකිය.
Jadelle Insertion Fee - Rs 7500.00
Jadelle Removal Fee - Rs. 1500.00
Jadelle Insertion Follow Up Fee - Rs 500.00
To make an appointment, please call: 077 955 2979
මෙය ප්ලාස්ටික් වලින් සකස් කර එය වටා තඹ දඟරයක් ඔතා ඇති කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳි සිටින පරිදි ඇතුල් කිරීම ඒ සඳහා පුහුණුවලත් වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙහි හෝර්මෝනමය බලපෑමක් සිදු නොවේ. වසර 10 ක පමණ දීර්ඝ කාලයක් ගැබ් ගැනීම වළක්වා ගත හැකි ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්රමයකි. ලූපය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමකට හැකියාව ලැබේ.
IUD Insertion Fee - Rs 2500.00
IUD Removal Fee - Rs 1000.00
IUD Insertion Follow Up Fee - Rs 500.00
To make an appointment, please call: 077 955 2979
මෙය ජල ද්රාව්යයය, යෝනි මාර්ගය තෙත් කිරීම සඳහා මෙය භාවිත කිරීමෙන් සංසර්ගයේදී ඉතා පහසු ආස්වාදයක් වින්දනයක් ලබාගත හැකිය
ශුක්‍රාණු නාශකයක් අඩංගු නැත. ගැබ්ගැනී වළක්වන ඖෂධයක් නොවේ.
බෙන්සොකේන් ජෙල් සහිත ශුක්‍රාණු පිටවීම පමාකරන, තෙල්රහිත සහ ජලයේ දියවන ස්නේහකයකි. ඇස් හෝ කන් වල ගල්වන්න එපා. කෙලින්මහිරු එළිය නොවැටෙන සිසිල් වියලි තැනක තබන්න.
ස්නේහක ජෙලි අවශ්යප්රමාණය ඔබගේ ඇඟිලි වලට ගෙන සමෙහි හෝ අවශ්‍ය ස්ථානයන්හි කෙලින්ම ආලේප කරන්න.
අවවාදයයි:
ගබඩාකිරීම: හිරුඑළිය නොවැටෙන, සිසිල්, වියලි, හොඳින් වාතාශ්‍රය සහිත තැනක ගබඩා කරන්න.
අඩංගු ද්‍රව්‍ය: පොලිඑතිලීන්, ග්ලයිකෝල්, 5% බෙන්සොකේන් අඩංගුය.
Pap Smear Test - Rs 2500.00
Breast Examination - Rs. 300.00
Gynaecological consultation Fee - Rs 500.00
Premarital Counselling Session - Rs 1000.00
To make an appointment, please call: 077 955 2979