මෙය ප්ලාස්ටික් වලින් සකස් කර එය වටා තඹ දඟරයක් ඔතා ඇති කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳි සිටින පරිදි ඇතුල් කිරීම ඒ සඳහා පුහුණුවලත් වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙහි හෝර්මෝනමය බලපෑමක් සිදු නොවේ. වසර 10 ක පමණ දීර්ඝ කාලයක් ගැබ් ගැනීම වළක්වා ගත හැකි ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි. ලූපය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමකට හැකියාව ලැබේ.
IUD Insertion Fee - Rs 2500.00
IUD Removal Fee - Rs 1000.00
IUD Insertion Follow Up Fee - Rs 500.00
To make an appointment, please call: 077 955 2979
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ඔබව ආරකෂා නොකරයි. එම නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන/එච්.අයි.වී වලින් ආරකෂාවීම සඳහා කොන්ඩම් භාව්ත කිරීම අවශ්‍ය වේ.
1. ලිංගික ක්‍රීයාකාරකම්වලට මැදිහත්වීම් සිදු කරයි.
- නැත. එය ලිංගික කාර්යය තුළදී කිසිදු වේදනාවක් හෝ අපහසුවක් ඇති නොකරන අතර ලිංගික සතුටට බලපෑමක් ඇති නොකරයි.
2. ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමේ අවධානම වැඩි කරයි.
- නැත. එසේ නොවේ
3. ගර්භාෂය තුළට ඇතුළුවන අතර ශරීරයේ අනෙකුත්ප් රදේශවලට ගමන් කළ හැකිය.
- නැත. එය වැරදි ආකාරයකින් තැන්පත් නොකළේ නම්ග ර්භාෂයෙන් පිටතට නොයන අතර ශරීරයේ අනෙකුත්ප් රදේශවලට කෙසේවත් ගමන් නොකරයි.
4. ඉවත් කිරීම වේදනාකාරී වේ
- නැත. විෂ බීජයන්ගෙන් තොර වූ තත්ත්වයන් යටතේ පුහුණුවලත් සේවාදායකයකු විසින් ඉවත් කිරීම සිදුකරනු ලබන අතර ඉවත් කිරීම වේදනාකාරී නොවේ.
5. අන්තර් ගර්භාෂ තැන්පතුව මගින් ශ්‍රෝණි ප්‍රදාහ රෝග (Pelvic Inflammatory Disease - PID) අවධානම වැඩිකරයි.
- නැත. අන්තර් ගර්භාෂ යෙදුම මගින් ඡෂෘ අවධානම වැඩි නොකරයි. තමන්ට මේ සඳහා ඇති අවධානම වැඩිනම් පමණක් අන්තර් ගර්භාෂ තැන්පතුව නොපළදින්න.
ගර්භනීභාවයන් අතර පරතරයක් තබා ගැනීමට සහ ස්වකීය පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව සම්පුර්ණ වූ විට ළමයින් සංඛ්‍යාව සීමා කිරීමට බලාපොරොත්තුවන යුවළවල් සඳහා මෙම ක්‍රමය අවු 10ක් දක්වා භාවිත කළ හැකි නිසා, කාන්තා සැත්කමට හොඳ විකල්පයක් වෙයි.
අනාරකෂිත ලිංගික සංසර්ගයකින් දින 05ක් ඇතුලත අන්තර් ගර්භාෂ යෙදුම තැන්පත් කළේ නම්, එමගින් ගර්භනීභාවයෙන් 100% කට කිට්ටු ආරකෂාවක් සපයයි.
An IUD is a tiny device that s put into your uterus to prevent pregnancy. It’s long-term, reversible, and one of the most effective birth control methods out there.