හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකිය. හදිසි අවස්ථාවක් ලෙස මෙහිදී හඳුන්වන්නේ භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක යැයි සැකයක් ඇතිවූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහතක ආදී අවස්ථාවක) ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක්වූ විට වැනි අවස්ථාවන්ය. ලිංගික සංසර්ගයෙන් පැය 72 ඇතුළත මෙහි පළමු පෙත්ත ලබා ගත යුතු අතර ඉන් පැය 12 කට පසු එහි දෙවන පෙත්ත ලබා ගත යුතුය. ලිංගික සංසර්ගයෙන් පසු වැඩි කාලයක් ගතවීමට පෙර මෙම පෙති ගැනීම වැඩි සාර්ථකත්වයකට හේතුවේ. මෙම පෙති ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.
සාමාන්‍යයෙන් මෙම පෙති ගැනීමෙන් පසු තම ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය. රුධිර වහනය නියමිත දිනට පෙර හෝ පසුව සෑදිය හැකිය. දින 10කට වඩා පසු වුවහොත් තමා ගැබ්ගෙන ඇත්දැයි මූත්‍ර පරීකෂණයක් කර බලන්න (මෙම ක්‍රමය 100%ක් සාර්ථක නොවේ).
ප්‍රොජෙස්ටරෝන් - පමණක් අඩංගු පෙති (පොස්ටිනෝ - 2 සහ 1)
ඒකාබද්ධ පෙත්ත (මිතුරි)
එකම අවස්ථාවේදී, ලිංගික සංසර්ගයන් කිහිපයක් එක පෙළට සිදුවී ඇත්නම් මෙම පෙති භාවිත කිරීම සාර්ථක නොවන්නේද?
නැත. සියලූම ලිංගික සංසර්ගයන් ඖෂධය ගැනීමට පූර්ව පැය 72ක් ඇතුළත සිදු වී ඇති නම්, ලිංගික සංසර්ගයන් එකක් හෝ කිහිපයක් එක පෙලට සිදුවීමෙන් පසුවද සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි.
මෙම පෙති ගැනීමෙන් පසු නැවත ඔසප්වීම සෑදෙන තෙක් ආරක්ෂාවක් ඇතිවේද?
නැත. සෑම එක්වීමක් සමඟම කොපුවක් පාවිච්චි කරන්න. නැවත ඔසප්වීම සිදු වූ පසු තමාට සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කරන්න.
Accidents happen. That’s why there’s emergency contraception — a safe and effective way to prevent pregnancy up to 5 days after unprotected sex. Not be used as a regular contraceptive method. They do not offer protection against HIV and STIs.