මිතුරි - පවුල් සැලසුම් පෙති | The Family Planning Association of Sri Lanka
මිතුරි - පවුල් සැලසුම් පෙති
Rs 230.00

වසර 50 කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත් පවුල් සැලසුම් ක්‍රමයකි. නිවැරදි ලෙස භාවිතයෙන් 99.9% ක සාර්ථකත්වයක් ලබා ගත හැකිය. පෙති භාවිතය නතර කළ පසු ප්‍රමාදයකින් තොරව නැවත සරුභාවයට (ගැබ් ගැනීමේ හැකියාව) පත්විය හැකිය.

 

පවුල් සැලසුම් ගිලින පෙති සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු දේ

fpa

  • ආරක‍ෂා සහිතය
  • සාර්ථක ප්‍රතිඵල සහිතය
  • ලාභදායකය
  • නැවැත්වූ වහාම සඵලතාවයට
  • පැමිණේ

 

පවුල් සැලසුම් ගිලින පෙති පිළිබඳව ඔබ දැන ගතයුතු දේ

  • ගිලින පෙති, සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වෙයි.
  • එය ස්ත්‍රි ලිංගික හෝමෝන දෙවර්ගයකින් සමන්විත වෙයි.
  • එක් එක් පැකට්ටුවක් සක්‍රිය හෝමෝනමය පෙති (කහ) 21කින් සහ අක්‍රීය පෙති (දුඹුරු) 7කින් සමන්විත වෙයි (හෝමෝනමය නොවන, සාමාන්‍යයෙන් යකඩවලින් සමන්විත).

 

ගිලින පෙති ක්‍රියා කරන්නේ කෙසේද?

  • ඩිම්බකෝෂයෙන්, ඩිම්බයක් මුදා හැරීම වළක්වයි.
  • ගැබ්ගෙල ස්‍රාවයේ ඝණකම් ගතිය වැඩි කිරීම මගින්
  • යෝනි මාර්ගය තුළ ශුක්‍රාණුවකට ගමන් කිරීම අපහසු කරයි.

 

පෙති භාවිත කරන්නේ කෙසේද?

  • ඔපස් වූ මුල් දින 5 ඇතුළත (හෝමෝනමය) පෙති ගැනීමක් මගින් ආරම්භ කරන්න. (පළමු දින වඩා යෝග්‍යය)
  • එක් එක් දිනකදී, එකම වේලාවකදී පෙති එකක් (1) ගන්න. වඩා යෝග්‍ය රාත්‍රියේදී ය.
  • පැකැට්ටුවෙහි පිටුපස පෙන්වා ඇති ඊතල  අනුගමනය කරන්න.
  • දුඹුරු පෙති ගන්නා විට, රුධිර වහනය සාමාන්‍යයෙන්  සිදුවනු ඇත. මෙම දුඹුරු පෙති ගන්නා විට, ඔබට රුධිර වහනය ආරම්භ වුවද පෙති අඛණ්ඩව ගන්න.
  • ඔබ අවසාන දුඹුරු පෙත්ත ලබාගත් විගස, නැවත අලූත් පැකැට්ටුවක් ගෙන කහ පෙති ගැනීම ආරම්භ කරන්න.
  • ඔබ නිරන්තරව ලිංගික සංසර්ගයේ නොයෙදෙන්නේ වුවද, පෙති ගැනීම කළ යුතුය.

 

වාසි මොනවාද?

  • ඉතා සාර්ථකය. පෙති භාවිතා කරන කාන්තාවන් අතර අසාර්ථකභාවය 8/100 කි.
  • දැරිය හැකි මුදලකට ගත හැකි බව හා පහසුවෙන් ලබා ගත හැකිවීම. ඕනෑම ඔසු සලකින්, පවුල් සංවිධාන සායන වලින් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් ලබා ගත හැකිය.
  • ඔපස් චක්‍රය ක්‍රමවත් වෙයි.
  • අඩු රුධිර වහනය සහ යටිබඩේ වේදනාව අඩුවීම.
  • ලිංගික සංසර්ගය සඳහා බලපෑමක් නැත.

 

කවර හෝ අවාසි තත්ත්වයන් තිබේ ද?

ලිංගික එක්වීම ගැන නොසළකා පෙති දිනපතා ගත යුතුය.

 

අතුරු ආබාධ

  • බොහෝ කාන්තාවන්ට අතුරු ආබාධ නොමැත. නමුත් සමහර කාන්තාවන්ට වමනය, හිසරදය, පියයුරුවල වේදනාව (ස්පර්ෂයේදී) හා රුධිරය බිංදු වශයෙන් වහනයවීම ඇතිවේ. පළමු චක්‍රයන් 2 - 3 තුළදී සාමාන්‍යයෙන් අතුරු ආබාධ නැතිවී යයි. රාත්‍රි ආහාර වේල ගැනීමෙන් පසු පෙති ගැනී මෙන් වමනය අවම කරගත හැකිය.
  • රුධිරය බිංදු වශයෙන් වහනයවීම (චක්‍ර අතර සුළු  රුධිර වහනය) පළමු චක්‍ර කිහිපයක් තුළ සිදුවිය හැකිය. නමුත් එය අඛණ්ඩව සිදු වන්නේ නැත්නම් අවධානම් නොවේ. රුධිර වහනය දැඩිව සිදුවේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

 

පෙති පිළිබඳ මිත්‍යා මත

 

1. ගිලින පෙති මගින් උපත් විකලතාවන් ඇති කරනු ලබයි.

- නැත. එය උපත් විකලතාවන් ඇති කිරීම හෝ මතු ඉපදෙන ළමුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කිරීම හෝ සිදු කරන්නේ නැත.

2. ගිලින පෙති ඔබේ සිරුරේ කුරුලෑ වැඩි කරයි.
- නැත. එය කුරුලෑ ඇති කිරීම නැවැත්වීමට උපකාරි වෙයි.

3. ගිලින පෙති ඔසප් පූර්ව ආතතිය වැඩි කරයි.
- නැත. පෙති ඔසප් පූර්ව ආතතිය අඩු කරයි.

4. ගිලින පෙති ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව වැඩිකරයි.
- නැත. පෙති, ඔසප් කාලය තුළ යටි බඩේ වේදනාව අඩු කරයි.

5. ගිලින පෙති ඔසප් චක්‍ර අක්‍රමවත් කරයි.
- නැත. එය චක්‍ර ක්‍රමවත් කරයි.

6. ගිලින පෙති පිලිකා සැඳීමේ ඉඩ කඩ වැඩි කරයි.
- නැත. මෙමගින් ඔබව ඩිම්බකෝෂ හා ගර්භාෂ පිලිකාවලින් ආරක‍ෂා කරයි.

7. ගිලින පෙති ඔබව ස්ථුලභාවයට පත් කරයි.
- නැත. පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ කෑම රුචිය වැඩි කරනු ලබයි. මෙය ඔබ වැඩියෙන් අනුභව කිරීමට තුඩු දෙයි. නමුත් ඔබගේ ආහාරය පිළිබඳව ඔබ සැලකැලිමත් වීම සහ නිරන්තර ව්‍යායාමවල නිරතවීම සිදු කරන්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවේ.

 

ගිලින පෙති වඩා සුදුසු කවුරුන් සඳහාද?

පළමු දරු උපත ප්‍රමාද කිරීමට හා දරුවන් අතර පරතරයක් ඇතිකර ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට මෙය වඩාත් සුදුසුය.

 

සක්‍රීය පෙති 4 ක් ගෙන ඉන් පසු පැය 12 කට පසු නැවත පෙති 4 ක් ගැනීමෙන් අනපේක‍ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගත හැකිය.


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By