IUD යනු ගැබ් ගැනීම වැලැක්වීම සඳහා ඔබේ ගර්භාෂය තුළට ඇතුලු කරන ඉතා කුඩා උපකරණයකි. එය දිගුකාලීන, ඕනෑම මොහොතක ඉවත් කළහැකි සහ ඇති වඩාත්ම ඵලදායී පවුල් සැලසුම් ක‍්‍රම වලින් එකකි.
1. IUD යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද
2. IUD ක්‍රියා කරන්නේ කෙසේද?
3. හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස IUD භාවිතා කළ හැකිද?
IUD යනු අභ්‍යන්තර ගර්භාෂ උපාංගයයි. එය නම්‍යශීලී ප්ලාස්ටික් වලින් සාදා ඇති අතර, තඹ වලින් ඔතා,පුහුණුව ලත් වෛද්‍යවරයකු විසින් ගර්භාෂයට ඇතුල් කරනු ලැබේ. එහි හෝමෝන අඩංගු නොවේ, එමනිසා එය කාන්තාවකගේ ස්වභාවික ඔසප් චක්‍රය කෙරෙහි බලපෑමක් සිදු නොකරයි. IUD අවම වශයෙන් වසර 10 ක් වත් ගර්භාෂයෙහි රැඳී සිටිය හැකි අතර එය ඉතා ඵලදායී උපත් පාලන ක්‍රමයකි. ඉවත් කිරීමෙන් පසු ඉක්මනින් ගැබ් ගැනීමට ඇති හැකියාව වාසියකි.
ඔව්! IUD හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස හොඳින් ක්‍රියා කරයි. ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු පැය 120 ක් (දින 5) ඇතුළත එය ලබා ගන්නේ නම්, එය 99.9% ට වඩා ඵලදායී වේ. එය ඇත්ත වශයෙන්ම ලිංගිකව හැසිරීමෙන් පසු ගැබ් ගැනීම වැළැක්වීම සඳහා භාවිතා කළහැකි වඩාත් ඵලදායී ක්‍රමයකි.
IUD ගැන වැඩිදුර කියවීමට පහත ලින්ක් එක භාවිත කරන්න: http://www.fpasrilanka.org/content/copper-t
Other Topics: