දරු උපතකින් පසු උපත් පාලනය කිරීම (පශ්චාත් ප්‍රසව උපත් පාලනය) | The Family Planning Association of Sri Lanka

දරු උපතකින් පසු උපත් පාලනය කිරීම (පශ්චාත් ප්‍රසව උපත් පාලනය)

දරු උපතකින් පසුව උපත් පාලනය යන්න ඔබගේ මනසෙහි හටගන්නා අවසානතම කරුණ විය හැකිය. කෙසේ නමුත්දරු උපතකින් සති තුනකට පසුව ගැබ් ගැනීමක් සිදුවිය හැකිබව දැනුවත්ව සිටීම අතිශය වැදගත්  වේ. දරු උපතකින් පසුව ඔබ මව්කිරි ලබාදෙන තත්වයේ සිටියදී හෝ ඔබගේ ඔසප්වීම ආරම්භවී නොමැති අවස්ථාවකදී වුවද නැවත ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. 

බහුතර ප්‍රවීණයන්ගේ මතය වන්නේ ගැබ් ගැනීම් දෙකක් අතර අවම වශයෙන් මාස 24ක පරතරයක් තිබිය යුතු බවයි. දරුවකු ලැබීමෙන් පසු පළමු සති කිහිපය ඇතුළත උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට සහ ඔබේ පවුල සැලසුම් කිරීමට ඔබට ඉඩ සලසයි.

  1. දරුවෙකු ලැබීමෙන් පසු උපත් පාලන ක්‍රම භාවිතා කළ හැක්කේ කවදාද?

ඔබගේ පුර්ව ප්‍රසව අවධියේ සති 36 කාලය සම්පුර්ණ කිරීමත් සමග ඉදිරි  උපත් පාලන ක්‍රම පිළිබඳව සැලසුම් කිරීම නිර්දේශ කෙරේ. දරු ප්‍රසුතියෙන් පසුව රෝහලෙන් පිටව යාමට පෙර සහ පශ්චාත් ප්‍රසව පරික්ෂාව සඳහා පැමිණීමේදී උපත් පාලන ක්‍රම පිළිබඳව සාකච්චා කළ හැකිය. එසේමඕනෑම අවස්ථාවකදී  ඔබගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ හමුවිය හැකි අතර එසේ නොමැති නම් පවුල් සැලසුම් සායනයකට යොමුවිය හැකිය.

දරු ප්‍රසුතියෙන් පසුව ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමවේදය පිළිබඳව සැලසුම් කිරීමට සුදුසුම කාලය වන්නේ ඔබ ගැබ්ගෙන සිටින කාල වකවානුවයි. ඔබට තෝරාගැනීම සඳහා උපත් පාලන ක්‍රම බොහොමයක් ඇත. එයින් බොහෝ උපත් පාලන ක්‍රම ඔබට දරුවා ලැබුණු වහාම ආරම්භ කළ හැකි අතර අනෙකුත් ක්‍රම ඔබ රෝහලෙන් පිටවීමට පෙර සිටම ආරම්භ කළ හැක.

  1. දරු ප්‍රසුතිය සිදුකල වහාම ආරම්භ කළහැකි උපත් පාලන ක්‍රම මොනවාද?

දරු ප්‍රසුතියකින් පසුව උපත් පාලන ක්‍රමයක් තෝරාගැනීමේදී උපත් පාලන ක්‍රමය මෙන්ම කාලය පිලිබඳ සැලකිලිමත් විය යුතුය. ඇතැම් උපත් පාලන ක්‍රම ආරම්භ කිරීමට සති කිහිපයක් බලා සිටිය යුතුය. මව්කිරි ලබාදීම පළමු සති කිහිපය තුළ ඇතැම් උපත් පාලන ක්‍රම නිර්දේශ නොකරන අතර එමගින්  ඔබගේ මව්කිරි සැපයුමට අවදානමක් ඇති කල හැකිය. තවද, ගැබ් ගැනීමට පෙර අවධියේදී භාවිතා කල උපත් පාලන ක්‍රම මෙම අවධියේදී ප්‍රතිඵලදායක නොවිය හැකිය.

සියලුම උපත් පාලන ක්‍රම සෑම කාන්තාවන් සඳහාම ආරක්‍ෂිත නොවන අතර අධි රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් පවතී නම් ඇතැම් උපත් පාලන ක්‍රම භාවිතා නොකළ යුතුය. එමනිසාඔබට සුදුසු උපත් පාලන ක්‍රමය ඔබගේ වෛද්‍යවරයා හෝ හෙදිය සමග සාකච්චා කර තෝරාගැනීම අතිශය වැදගත් වේ.  

  1. දරු ප්‍රසුතියෙන් පසු උපත් පාලන ක්‍රම තෝරාගැනීම.

දරු ප්‍රසුතියකින් පසු ඕනෑම අවස්ථාවක ඔබට උපත් පාලන බද්ධකිරීම් ක්‍රමයක් හෝ එන්නත් කිරීමක් (මාස තුනකට වරක්) හෝ ප්‍රොජෙස්ටොජන් පමණක් අඩංගු පෙති හෝ කොන්ඩම් භාවිතා කළ හැකිය. මෙම ක්‍රමවේදයන් ඔබට වෛද්‍යමය අවදානමක් නොමැති තාක් කල් ලබාගත හැකිවේ. එසේම, දරු ප්‍රසුතියෙන් පසු පය 48ක් ඇතුළත හෝ සති 4ක් ඇතුළත IUD (intrauterine device ) හෝ IUS (intrauterine system) නම් කුඩා උපාංගය ඔබගේ ගර්භාෂය තුළට ඇතුලත් කල හැකිය.

දරු ප්‍රසුතියෙන් සති තුනකට පසුව,

දරු ප්‍රසුතියකින් සති තුනකට පසුව ඔබ මව්කිරි ලබා නොදෙන්නේ නම්වෛද්‍යවරයා විසින් ඔබගේ  ලේ කැටි ගැසීම සම්බන්ධයෙන් අවදානම් සාධක නොමැති බව පරීක්ෂා කර ඇත්නම්ඔබට ඉස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් යන සංගටක දෙකම අඩංගු උපත් පාලන පෙති (Combined Pills) භාවිතා කල හැකිය. කෙසේ නමුත්ඔබ මව්කිරි ලබාදෙන පුද්ගලයෙක් නම් හෝ වෙනත් සෞඛ්‍යමය අවදානම් තත්වයක් පවතින පුද්ගලයෙක් නම් හෝ රුධිර කැටි ගැසීමේ අවදානමක් පවතින පුද්ගලයෙක් නම් මෙම උපත් පාලන පෙති භාවිතයට පෙර වෘත්තීය මට්ටමේ සෞඛ්‍ය සේවා නිලධාරියෙක් සමග සඛච්චා කිරීම නිර්දේශ කෙරේ.

ඔබේ දරුවාගේ වයස මාස 6ට අඩු නම්ඔබ ඔබේ දරුවාට මව්කිරි පමණක් ලබාදෙන්නේ නම් ඔබට ඔසප්විමක් සිදු නොවීමට ඉඩකඩ ඇත. මෙහිදී මව්කිරි දීම ස්වාභාවික උපත් පාලන ක්‍රමයක් ලෙස ඔබට භාවිතා කළ හැකිය. මෙය Lactational Amenorrhea Method (LAM) ක්‍රමවේදය ලෙස හැඳින්වේ. කෙසේ නමුත්ඔබගේ දරුවා මාස 6ට වඩා වැඩියි නම්මව්කිරි හැර වෙනත් ආහාර ලබාදෙයි නම්ඔබගේ ඔසප් චක්‍රය නැවත ආරම්භවී ඇත්නම්, හෝ ඔබ මව්කිරි දීමේ වාරගණන අඩුකර ඇත්නම්මව්කිරි දීමේ වාර දෙකක්  හෝ කිහිපයක් අතර සැලකියයුතු පරතරයක් ඇත්නම්වෙනත් සුදුසු උපත්  පාලන ක්‍රමවේදයක් භාවිතා කළයුතු අතර මව්කිරි දීමේ ස්වාභාවික උපත් පාලන ක්‍රමය මෙම අවස්ථාවේදී සාර්ථක නොවේ.

අවසාන වශයෙන්, ටියුබ් දැමීම දිගු කාලින පවුල් සැලසුම් ක්‍රමයක් දෙස හැඳින්විය හැකි අතර එය කාන්තාවකගේ පැලෝපීය නාල ගැටගැසීමක් ලෙසද හැඳින්වේ. බොහෝ කාන්තාවක් සඳහා ටියුබ් දැමීම ස්ථිර උපත් පාලන ක්‍රමවේදයක් වේ. සැත්කමක් හරහා  පැලෝපිය නාල නැවත  සකස්කළ හැකි වුවද ක්‍රියාකාරිත්වය පිළිබඳව සහතිකයක් ලබාදීමට නොහැකිය. එබැවින්මෙවැනි උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත්විය යුතුය.

ඔබගේ උපත් පාලන ක්‍රමය ඔබගේ තෝරාගැනීමයි.  මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු සහ සහය  ඔබගේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හරහා ලබාගත හැකිවේ.

උපත් පාලන ක්‍රම පිළිබඳව තවදුරටත් දැනගැනීම සඳහා, ඔබට වඩාත් පහසු යැයි හැඟෙන උපත්පාලන ක්‍රමවේදය තෝරාගැනීමට  උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රීලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka)  අමතන්න - 076 588 4881 / 076 588 4881

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By