ගැහැණු ළමුන් සවිබල ගැන්වීම (2010) | The Family Planning Association of Sri Lanka

ගැහැණු ළමුන් සවිබල ගැන්වීම (2010)

ලිය සවිය, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ නවයෞවන ඒකකයේ ව්‍යාපෘතියක් වන අතර එහිදී තරුණ මැදිහත්වීම මැනවින් ප්‍රකට විය. ඉලක්ක ප්‍රදේශ ලෙස යොවුන් ගැබ්ගැනිම් ඉහළ මට්ටමක පවතින ඌන සේවා පහසුකම් සහිත දිස්ත්‍රික්ක දෙකක් තෝරා ගනිමින්  මිතුරන් සේ කටයුතු කරන්නන් 50 දෙනෙකු සහචර දැනුවත් කරන්නන් 250 දෙනෙකු මුණ ගැසෙමින් දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරන ලදී. ඉන් අනතුරව එම සහචර දැනුවත් කරන්නන් තරුණ ගැහැණු ළමුන් 2500 දෙනෙකු කරා ලඟාවන ලදී. යොවුන් ගැබ්ගැනීම් අවම කිරීමේ අරමුණ ඇතිව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහ සේවා තරුණ තරුණියන් අතර ප්‍රචාරණය කරන ලදී. සිය සහචර දැනුවත් කරන්නන් සමග තරුණ ගැහැණ ළමුන් 2500 දෙනා, වැදගත් පණිවිඩයක් ප්‍රචාරයක් ලබා දීමේ ප්‍රකාරයක් ලෙස චිත්‍රපට සැදීම ඉගෙනගත් අතර තරුණ ගැහැණු ළමුන් ලෙස ඔවුන් මුහුණ දුන් ගැටළු පාදක කර ගනිමින් වීඩියෝ චිත්‍රපට නිපදවන ලදී. 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By