ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වූවාද? නිරන්තරයෙන් අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු. | The Family Planning Association of Sri Lanka

ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වූවාද? නිරන්තරයෙන් අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු.

ලිංගික එකතුවිමකින් පසුව ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය පිටතට ගැනීම එනම්  "ඉවත් කිරීමේ  ක්‍රමවේදය" කෙතරම් ඵලදායීද?


ඔබ ගැබ් ගැනීමකට සුදානම් නොමැති අවස්ථාවකදී ලිංගික එකතුවිමකින් පසුව ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය (පුරුෂ ලිංගේන්ද්‍රිය) පිටතට ගැනීම හෙවත් “ඉවත් කරීමේ ක්‍රමවේදය” පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත් වේ. මන්ද, එය වඩාත් ඵලදායි උපත්පාලන  ක්‍රමයක් නොවන බැවිනි. 
නමුත් ඇයි? මෙහිදී කාලය ඉතාම වැදගත් වන අතර නියමිත කාලය ඇතුලතදී  ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය  පිටතට ගැනීම සෑම විටම පහසු නොවේ. එමෙන්ම පිරිමි පුද්ගලයා  ඕනෑවට වඩා උද්යෝගිමත් වීම නිසා පාලනය කරගත නොහැකි වුවහොත් යෝනිමාර්ගය තුලට ශුක්‍රාණු මුදාහැරීමක් වුවහොත් ගැබ්ගැනීමක් සිදුවිය හැකිය. තවද ලිංගික උද්දිපනයේදී  ලිංගයෙන් පිටවන තරලයේ ශුක්‍රාණු තිබිය හැකි බැවින් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. 

හදිසි උපත් පාලන පෙති ලබාගත හැක්කේ අනාරක්ෂිත ලිංගික එක්වීමකින් කොපමණ කාලයකට පසුවද

හදිසි උපත් පාලන පෙති (ECP) අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු පැය 72 එනම්, දින තුනක් ඇතුලත  ගත යුතුය. මෙම පෙති ඉතා ඉක්මනින් ගන්නා තරමට එය වඩාත් ඵලදායී වන අතර අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු පළමු පැය 12 තුළදී ගතහොත්  වඩාත් ඵලදායී වේ.

නමුත් එය උපත් පාලනය සඳහා නිතිපතා භාවිතා කිරීම සුදුසු නොවේ.

 

ලිංගික එක්වීමකින්  පසුව  යෝනි මාර්ගය ඇතුළත ජලය හෝ වෙනත් ජලය මිශ්‍ර වෙනත් ද්‍රාවන භාවිතාකර සෝදා පිරිසිදු කිරීම ගැබ් ගැනීම වළක්වා ගැනීමට උපකාරී වේද?

අනාරක්ෂිත ලිංගික එකතුවිමකින්  පසුව ජලය හෝ වෙනත් දියර වර්ග භාවිතා කර යෝනි මාර්ගය සේදීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු නොවේ. මන්දයෝනි මාර්ගයේ තැන්පත්වී ඇති ශුක්‍රාණු ඒවනවිටත් ගර්භාෂය ඇතුලතට ගමන් කර තිබිය හැකි බැවිනි. එසේමයෝනි මාර්ගය සේදීමෙන් ගැබ් ගැනීම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවීමද  සිදු නොවේ. 

ඔබට ගැබ්ගැනීම් ඵලදායී ලෙස වළක්වා ගැනීමට අවශ්‍ය නම් සහතික කල උපත් පාලන ක්‍රම භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.

අනාරක්ෂිත ලිංගික එකතුවීම ආරක්ෂිතද?

හේතු දෙකක් නිසා ආරක්‍ෂිත නොවේ.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා සෑම විටම අනපේක්ෂිත ගැබ් ගැනීමක් ඇතිවිය හැකිය. ඔසප් වීමේදී පවා ඔබව ගැබ් ගත හැකිය. ඔබ ඔබගේ ඩිම්බ මෝචනය සිදුවන කාල වකවානුවේදී ලිංගික එක්වීමකින් වැළකී  සිටියද ඩිම්බ මෝචනය සිදුවන කාලයේ වෙනස්කම් සිදුවියහැකි නිසා ඔබ බලාපොරොත්තු නොවන කාලයකදී වුවද මේරූ ඩිම්බ තිබිය හැක. 

ඔබ සහ ඔබගේ ලිංගික සහකරු /සහකාරිය ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග පරීක්ෂාවක් කර ඇත්නම් හෝ ඔබගේ ලිංගික සහරු/කාරියගේ ලිංගික ඉතිහාසය පිළිබඳව ඔබ හොඳින් හඳුනනවා නම් හැර අනාරක්ෂිත ලිංගික එක්වීම් සැමවිටම ඔබව ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සඳහා අවදානමට ලක්කරයි. එබැවින් ලිංගික එක්විමකදී විධිමත් උපත් පාලන ක්‍රමවේදයක් හෝ කොන්ඩම් භාවිතා කිරීම අපි නිර්දේශ කරමු.

අනාරක්ෂිත ලිංගික එක්විම්වල අවදානම් මොනවාද?

අනාරක්ෂිත ලිංගික එකතුවීම්  අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ HIV වැනි ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. විශ්වාසදායක උපත් පාලන ක්‍රම තෝරා ගැනීමෙන් සහ කොන්ඩම් භාවිතා කිරීමෙන් ඔබට  මෙවැනි තත්වයන්ගෙන් ආරක්ෂා විය හැකිය.  එසේම ඔබගේ අනාගතය සහ සෞඛ්‍ය යහපත් කරගත හැකිය.

අනාරක්ෂිත එක ලිංගික එක්වීමකින් ගැබ්ගැනීම සිදුවිය හැකිද

අනිවාර්යයෙන්ම ඔව් !!

සෑම  අවස්තාවකදිම අනාරක්ෂිත ලිංගික එක්වීමක් අවදානම් සහගත වන අතර එක එක්වීමකින් වුවද ඔබ ගැබ් ගැනීමකට පත්විය හැකිය. ඔසප් වීමේදී පවා ඔබව ගැබ් ගත හැකිය. ගැබ්ගැනීම් වළක්වා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ සෑම අවස්ථාවකදීම නිවැරදි උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමයි.

මගේ ඔසප් කාලය තුළ ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

ඔසප් වීමේදී උපත් පාලන ක්‍රම භාවිතා නොකර සිදීමට ඔබ අදහස් කරයි නම් එය  හොඳ අදහසක් නොවේ!!

ඔබේ ඔසප් කාලය තුළ පවාඔබ ගැබ් ගැනීමට  අවස්ථා තිබේ (විශේෂයෙන් ඔබේ ඔසප් වීම අක්‍රමවත් නම්). 

ඔබගේ ඔසප්වීම අක්‍රමවත් නම්  ඔබගේ වඩාත්ම සරු දිනයන් පුරෝකථනය කිරීමට අපහසු විය හැක. එසේමඔබගේ ඔසප්  චක්‍රය කෙටි නම් ඔබගේ  ඔසප් කාලය තුළ ලිංගික එක්විමකදී ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි විය හැක. මෙහිදී හොඳින් මතක තබාගතයුතු කරුණ වන්නේ ශුක්‍රාණු පිටවීමෙන් පසුව පැය 120 ක කාලයක් වනතුරු සජීවී වන අතර ඔබේ ඔසප් වීම අවසන් වන විට ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි විය හැකිය.

එබැවින්ඔබ ගැබ් ගැනීමට අකමැති නම් සැමවිටම විධිමත් උපත් පාලන ක්‍රම භාවිතා කළ යුතුය.
 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By