ඔසප් වීමේදී දැනෙන වේදනාව බොහෝ කාන්තාවන්ට සුලබ රෝග ලක්ෂණයක් වන අතර සාමාන්‍යයෙන් යටි උදරයේ (යටි බඩ) සහ කොන්ද ආශ්‍රිතව දැනෙන වේදනාවකි. කෙසේ වෙතත්, ඔසප් වේදනාව ඇතැම් අවස්ථාවලදී ඉතා දරුණු විය හැකිය. එමෙන්ම එදිනෙදා ජීවිතයට බාධා පමුණුවයි. මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර මේ සඳහා බලපාන යම් තත්වයක් තිබේදැයි විමර්ශනය කර බැලිය යුතුය.
දරුණු ඔසප් වේදනාව සඳහා පොදු හේතුවක් වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය වන අතර එය ලොව පුරා සිටින සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගෙන් 10% ක ප්‍රමාණයකට පමණ බලපායි. මෙය ප්‍රජනක පද්ධතියේ අනෙකුත් ප්‍රදේශවල ගර්භාෂයෙන් පිටත ගර්භාෂයේ ඇති පටක වලට සමාන එනම් පැලෝපිය නාල, ඩිම්බ කෝෂ වැනි පටක වර්ධනය වන තත්ත්වයකි. මෙසේ පටක වැඩෙන ස්ථානවල පසුකාලීනව කැළැල් මතුවීමට ඉඩ ඇති අතර එන්ඩොමෙට්‍රියෝසිස් හේතුවෙන් කාන්තාවන්ගේ ජිවන තත්වයට බරපතල බලපෑම් ඇතිවිය හැකිය. එනම්, මෙම තත්වයට පත්වී ඇති ගැහැණු දරුවන් සහ කාන්තාවන් පාසල් යාමට හෝ රැකියාවට යාමට නොහැකිවීම, පුද්ගලික සබඳතාවල ගැටළු ඇතිවීම සහ මානසික ආතතිය ආදී තත්වයන් වේ.
එන්ඩොමෙට්‍රියෝසිස් ඇතිවීමට හේතුව පිළිබඳව නිශ්චිත පිළිතුරක් නොමැත. නමුත් ජානමය සහ හෝමෝනමය සාධක සැලකියයුතු භූමිකාවක් ඉටු කරන බව විශ්වාස කෙරේ. න්‍යායාත්මකව හඳුන්වාදී ඇති එක හේතුවන් වන්නේ පැලෝපීය නාල හරහා ඔසප් රුධිරය නැවත පිටුපසට ගලායාමක් සිදු විය හැකි අතර මෙසේ ආපසු ගලා යන රුධිරය ගර්භාෂයෙන් පිටත තැන්පත් විය හැකි බවයි.
දරුණු ඔසප් වේදනාවට අමතරව එන්ඩොමෙට්‍රියෝසිස් වෙනත් රෝග ලක්ෂණ හරහාද පෙන්නුම් කරයි. එනම්,
එන්ඩොමෙට්රියෝසිස් බොහෝ කායික රෝග ලක්ෂණ ඇති නොකරන බැවින්, රෝග විනිශ්චය කිරීම අභියෝගාත්මක වන අතර සමහර කාන්තාවන්ට වසර 7 ක් දක්වා රෝග විනිශ්චය කිරීමකින් තොරව සිටිය හැකිය. එම නිසා, ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලින් එකක්හෝ අත්විඳින්නේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්වේ.
මෙම තත්ත්වය හඳුනා ගැනීමට ඇති හොඳම සහ එකම ක්‍රමය වන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති එන්ඩොමෙට්‍රියෝසිස් ලප සෘජුවම බැලීම සඳහා කැමරාවක් භාවිතයෙන් යතුරු සිදුරු සැත්කම් (key-hole surgery) කිරීමයි. එසේම, රුධිර පරීක්ෂාවකින් එන්ඩොමෙට්‍රියෝසිස් නිවැරදිව හඳුනා ගත නොහැකි නමුත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් රෝග විනිශ්චය සඳහා යම් තරමකට සහාය විය හැකිය. කෙසේ වෙතත්, සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් මගින් එන්ඩොමෙට්රියෝසිස් පවතින බව තහවුරු කරගැනීම අපහසුය.
එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා මේ වනවිට ප්‍රතිකාරයක් හෝ එම තත්වය වර්ධනය වීම වැලැක්වීම සඳහා නිශ්චිත ක්‍රමයක් නොමැත. නමුත් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සහ සරුභාවය වැඩි දියුණු කිරීම සඳහා විකල්ප ප්‍රතිකාර ගණනාවක් පවතී. ඒ ඒ පුද්ගලයාගේ තත්වය මත ප්‍රතිකාර කිරීම සිදු වේ.
මේ සඳහා ප්‍රතිකාර ක්‍රම වශයෙන් වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක, ගිලින පෙති, උපත් පාලන එන්නත්, හෝමෝන එන්නත්, ගර්භාෂ අභ්‍යන්තර තුල උපත් පාලන උපකරණ තැන්පත් කිරීම ආදිය සඳහන් කල හැකිය. කෙසේ වෙතත්, ගැබ් ගැනීමට අවශ්‍ය නම් එන්ඩොමෙට්රියෝසිස් තත්වය නිසා ඇති වී ඇති ලප ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය හැකිය. තවද, ගැබ් ගැනීම සඳහා IVF (invitro fertilization -මෙය කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ ඉවත් කර ශරීරයෙන් පිටතදී ශුක්‍රාණු සමඟ එක් කර කළල සෑදීමේ ක්‍රියාවලියකි) සහ IUI (intrauterine insemination - මදසරු භාවයට සිදුකරන ප්‍රතිකාර ක්‍රමයකි) වැනි අමතර සරු ප්‍රතිකාර ක්‍රම ද අවශ්‍ය විය හැකිය.
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම තත්වය පවතින පුද්ගලයන්ගෙන් 1/3ක් කාලයත් සමග වැඩිදියුණු වන අතර තවත් 1/3ක් ජිවිත කාලය පුරාවටම එලෙසම පවතී. අනෙක් 1/3ක ප්‍රමාණය කාලයත් සමග වඩාත් අයහපත් තත්වයට පත්වේ. කාන්තාවකගේ ඔසප්වීම නතරවූ පසුව (ආර්තවහරණය) මෙම රෝග ලක්ෂණ සමනය වීම හෝ තවදුරටත් වර්ධනය වීම සිදුවිය හැකිය. නමුත් මෙම තත්වය එන්ඩොමෙට්‍රියෝසිස් ඇති සියල්ලටම පොදු කාරනාවක් නොවේ.
එබැවින් ඔසප් වේදනාව බරපතල කාරනාවක් වශයෙන් තේරුම් ගැනීම ඉතා වැදගත් වන අතර එය එදිනෙදා කටයුතුවලට බාධා කරන්නේ නම් කරුණාකර වෛද්‍යවරයකු හමුවන්න.