ලිංගික ක්‍රියාවලිය තවදුරටත් ප්‍රියජනක නැතිද?
ලිංගික ක්‍රියාකාරකම් සඳහා උනන්දුව අවම වීම, ලිංගික එක්වීමක් සඳහා පවතින ආශාව අවමවීම හෝ ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම ලෙස හැඳින්විය හැකිය. මෙය කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම අත්විඳින පොදු ගැටලුවක් වන අතර ජිවිතයේ ඕනෑම අවස්ථාවකදී ඇතිවිය හැකිය. මෙම තත්වය සඳහා බලපාන විවිධ හේතු රාශියක් තිබේ.
ලිංගික ආශාවේ අඩුබව, ලිංගික ක්‍රියාවන් සඳහා උද්දීපනය අඩු වීම, ලිංගික සිතුවිලි සහ හැඟීම් අවම වීම සහ ලිංගික එක්වීමක් සඳහා පවතින ආශාවේ අවමවීම මෙහි රෝග ලක්ෂණ වශයෙන් දැකිය හැකිය. මෙම තත්වය ක්‍රමානුකුලව මෙන්ම ක්ෂණිකවද ඇතිවීමේ ඉඩකඩ පවතියි. එසේම, මෙම තත්වය කෙටි කාලීනව පවතින කනස්සලු සහගත තත්වයක් ලෙසද දිගු කාලින ගැටලුකාරී තත්වයක්ද විය හැකිය. පිරිමි පාර්ශවයන්ගේ ලිංගික අවයවය (ශිෂ්ණය) නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට මාංශ පේශී වල ඇතිවන හැකිලීම සහ ලිංගික එකතුවිමකදී ඇතිවන දැඩි වේදනාකාරී තත්වයන් නිසා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව පවතින කැමැත්ත අවම වේ.
අඩු ලිංගික උත්තේජනයන් සඳහා බලපාන පොදු සාධක:
ප්‍රතිකාර සඳහා පවතින ක්‍රමවේද:
ලිංගික ක්‍රියාකාරකම් සඳහා උනන්දුව අවමවීම සම්බන්ධව මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය ප්‍රතිකාර ඇතුළුව බොහෝ චිකිත්සක විකල්ප තිබේ. ලිංගික ආශාව අවම වීම සම්බන්ධව මුලික හේතුව හඳුනාගැනීම සහ ඒ සම්බන්ධව සුදුසු ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීම සඳහා සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්ය. සමබල ආහාර වේලක් ලබාගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, සරල ජිවන රටාවකට හුරුවීම හරහා මානසික ආතතිය අවම කර ලිංගික ආශාවන් වර්ධනය කරගත හැකිය.
මනෝ උපදේශනය, බුද්ධිමය චර්යාත්මක චිකිත්සා (සංජානන චර්යා චිකිත්සාව) ආදිය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට අයත්වන අතර පුද්ගල සිතුවිලි නැවත නිසි මාවතකට යොමු කරයි. එසේම, මානසික සෞඛ්‍ය හා සම්බන්ධ ගැටළුවලට මුහුණ දීම සඳහා යාන්ත්‍රණයක් සකස්කරගැනීමට උපකාරී වෙයි. තමන්ගේ සම්බන්ධතාවල ගැටළු පවතින පුද්ගලයන්ට සහ මානසික පීඩනය, විෂාදය කාංසාව වැනි මානසික ගැටළුවලින් පෙලෙන පුද්ගලයන්ට මෙය වඩාත් ඵලදායි වන අතර පුද්ගල සම්බන්ධතාවල ගැටළු පවතියි නම් ඒවා සංවර්ධනය කරගැනීම සඳහා ලිංගික චිකිත්සාව ප්‍රයෝජනවත් විය හැකිය. එනම්, ලිංගික හැඟීම්, සිතුවිලි සහ ආශාවන් දිරිමත් කිරීම සඳහා සඳහා වඩාත් සමීප සබඳතා ඇති කරවීමයි.
නිසි වෛද්‍ය ප්‍රතිකාර හරහා දියවැඩියාව වැනි රෝග තත්වයන් සහ පිරිමි පාර්ශවයන්ගේ ලිංගික අවයවය (ශිෂ්ණය) නිසි පරිදි ක්‍රියාත්මක නොවීම වැනි ලිංගික සෞඛ්‍ය තත්ත්වයන් පාලනය කිරීම මගින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා උනන්දුව වැඩිදියුණු කළ හැකිය. මානසික අවපීඩන තත්වයන් සහ කාංසාව වැනි තත්වයන්ට එරෙහි ඖෂධ ලබාදීම හරහා මනෝවිද්‍යාත්මක තත්වයන් වැඩිදියුණු කල හැකිය.
භාවිත කරන ඇතැම් ඖෂධ වර්ග වෙනස්කිරීම සහ දැනට භාවිතා කරන උපත් පාලන ක්‍රමවේදයන් වෙනස් කිරීම හරහා ඉන්ද්‍රිය උත්තේජනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. එසේම, ආර්තවහරණයේදී ඊස්ට්‍රජන් අඩුවීම හෝ වැඩිහිටි පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වෙනස් වීම වැනි හෝමෝනවල උච්චාවචනයන් හෝර්මෝන අතිරේක සමඟ වැඩිදියුණු කළ හැක.
ලිංගික උත්තේජනය අවම වීම බොහෝ පුද්ගලයින් සඳහා ඉතා සුලභ කාරණයක් වන අතර එය ලැජ්ජාවට පත් විය යුතු දෙයක් නොවන බව මතක තබා ගැනීම ඉතා වැදගත්ය. සෑම කෙනෙකුගේම ලිංගික ආශාව ඔවුන්ගේ ජීවිත කාලය තුළ බොහෝ විට වෙනස් වන අතර කිසි විටෙකත් එක මට්ටමක නොපවතියි. එබැවින්, මෙවැනි තත්වයන්ට මුහුණදෙන පුද්ගලයන් ඵලදායී ප්‍රතිකාර ක්‍රම මගින් ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ඉතා ඉක්මනින් ලබා ගැනීම අතිශය වැදගත් වේ.