ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත ලෝකය පුරා කාන්තාවන් සඳහා බලපෑම් කරන ලොව හඳුනාගත් සුලබම පිළිකා වර්ග අතරින් 4වන ස්ථානයේ පවතින පිළිකා විශේෂයකි. ගැබ්ගෙල, ගර්භාෂයට ඇතුල්වන ස්ථානයේ පිහිටා ඇති අතර දරු ප්‍රසුතියකදී දරුවාට ගර්භාෂයෙන් පිටතට පැමිණීමට පහසුවන පරිදි ප්‍රසාරණය වේ.
සමස්ත ගැබ්ගෙල පිළිකාවලින් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් හටගන්නේ හියුමන් පැපිලෝමා වෛරසයෙන් Human Papilloma Virus (HPV) බව සොයාගෙන ඇත. එය මුලික වශයෙන් ලිංගික සම්බන්ධතා මගින් සම්ප්‍රේෂණය වේ. බොහෝ HPV ආසාදනයන් රෝග ලක්ෂණ ඇති නොකරන නමුත් ඇතැම් HPV අසාදන හේතුවෙන් ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇතිවිය හැකිය. සාමාන්‍ය අසාදන තත්වයන්
ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉවත් කරනු ලබන නමුත් ඇතැම් පුද්ගලයින්ගේ ශරීරය තුල වෛරසය නොනැසී පවතින අතර ගැබ්ගෙල සෛලවල වෙනස්කම් ඇති කරයි. මෙම වෙනස්කම් පිළිකා තත්වයක් ඇතිවීමට පෙර ඇතිවන වෙනස්කම් වන අතර වසර ගණනාවකට පසුව මෙම සෛල පිළිකා සෛල බවට පත් විය හැකිය.
ගැබ්ගෙල පිළිකා වලක්වාගැනීමේ උපායමාර්ග.
වඩාත් බහුලව ව්‍යාප්තවන පිළිකා විශේෂයක් වුවද ගැබ්ගෙල පිළිකාව යනු ලෝකයේ ඵලදායිව වලක්වා ගතහැකි පිලිකා වර්ගවලින් එකකි. ගැබ්ගෙල පිළිකාවට එරෙහිව සටන්කලහැකි වලක්වාගැනීමේ උපායමාර්ග පහත පරිදි වේ.
HPV එන්නත
බොහොමයක් ගැබ්ගෙල පිළිකා හියුමන් පැපිලෝමා වෛරසය Human Papilloma Virus (HPV) හේතුවෙන් ඇතිවන බැවින් මෙම වෛරසය පාලනය කිරීම හරහා තරුණ ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට අනාගතයේදී ගැබ්ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය. HPV පිළිකා කාරක බලපෑම් සහිත HPV වෛරස ප්‍රබේධ අවහිර කිරීම සදහා HPV එන්නත් බොහොමයක් පවතියි. එබැවින් ලිංගික
ක්‍රියාවලියකට ප්‍රථමව මෙම HPV එන්නත ලබාගැනීම සුදුසු වේ. මන්දයත්, මෙම HPV වෛරස ප්‍රබේධවලින් එකකට හෝ ඔබව නිරාවරණය වියහැකි බැවිණි. කෙසේ නමුත්, මෙම අවස්තාව වනවිටදීත් ලිංගිකව සක්‍රීයව හෝ HPV වෛරස ප්‍රබේධයකට නිරාවරණය වී ඇත්නම් HPV එන්නත ලබාගැනීම හරහා සෙසු HPV වෛරස ප්‍රබේධවලින් ආරක්ෂාවිය හැකිය.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ගැබ්ගෙල පිළිකා සඳහා එන්නත වයස අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන් සඳහා රජයේ සෞඛ්‍ය අංශය හරහා නොමිලේ ලබාදෙයි. එසේම මෙම එන්නත ඇතැම් පෞද්ගලික රෝහල්වලින්ද ලබාගත හැකි අතර එය අදාළ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබාගත හැකිය. වයස අවුරුදු 9 සිට 14 දක්වා ළමුන් සඳහා, එන්නත් මාත්‍රා 2 ක් මාස 6 ක පරතරයකින් ලබා දෙන අතර, අවුරුදු 15 සහ ඊට වැඩි අයට, එන්නත මාත්‍රා 3 කින් ලබා දෙනු ලැබේ.
පැප් පරික්ෂාව (Pap Smear Screening)
පැප් පරීක්‍ෂණය ශ්‍රී ලංකා රජයට අයත් මාතෘ සායන (MOH) හරහා පවත්වන "සුවනාරි වැඩසටහන්"
හරහා නොමිලේ සිදුකරගත හැකි අතර පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා ආයතන හරහාද සිදුකරගත